කුඩා කණ්ඩායම් සඳහා බයිබල් පාඩම්
දෙවියන්වහන්සේට පමණක් ආවේණික උන්වහන්සේගේ විශේෂ ගුණාංග.
"මේක සිහිකොට මනුෂ්‍යයන් මෙන් හැසිරියල්ලා.
පුරාණයේ පළමු කාරණ සිහිකරපල්ලා.
මක්නිසාද මම ම දෙවියන්වහන්සේය; වෙනකෙනෙක් නැත.
මම දෙවියන්වහන්සේය; මට සමාන කෙනෙක් නැත.
මම වනාහි අන්තිමය සහ මුල පටන්ද; තවම සිද්ධණුනාවූ දේ පුරාණයේ පටන්ද දන්වන්නා වූ; මාගේ මන්ත්‍රණය පවත්වන්නේය කියාත්, මාගේ මුළු කැමැත්ත ඉෂ්ඨකරන්නෙමියි කියාත් කියන්නාවූ තැණන්වහන්සේය."
-යෙසායා 46:8-13
නොපෙණෙන දෙවියන් සතු උන්වහන්සේගේ ආත්මික ස්වභාවය මැන ගැනීමට හැකි මාර්ග කීපයක් අප ඉදිරියේ තිබෙයි. ඉන් පළමු වැන්න වන්නේ, දෙවියන්වහන්සේට පමණක් අවේනික ස්වභාවයන් ලෙසින් දේව වචනයේ සඳහන් උන්වහන්සේගේ විශේෂ ගුණාංගයන් ගැන සොයාබලා ඒවා තුළින් උන්වහන්සේව හඳුනාගැනීමට උත්සාහ කිරීම යන මාර්ගයයි.
ඒවාට අමතරව විවිධ අවස්තාවන් වලදී දෙවියන්වහන්සේ විසින් මිනිසුන් මාධ්‍යයේ කරන ලද පුදුම හාස්කම් තුලින් මතුවූ දෙවියන්හන්සේගේ විශේෂ ස්වභාවයන්ද උන්වහන්සේ සතු උන්වහන්සේගේ පුද්ගලිකත්වය එළිදරව් කරයි. ඒවා ගැන සොයා බැලීම තුලින්ද පියවි ඇසට නොපෙණෙන මේ ආත්මික බලවතාගේ සැබෑ ස්වභාවය තේරුම් ගැනීමට හැකියි.
ස්වභාව ධර්මයේ බැඳීම්වලට සීමානොවී ඒවා අභිබවා මිනිසුන් මාධ්‍යයේ දෙවියන්වහන්සේ කළ පුදුම ක්‍රියා අත්දැකීමට හැකිවීම එකළ ජීවත්වූ ඒ යුදෙව් ආදී පියවරුන් විසින් ඔවුන් මාධ්‍යයේ ප්‍රකාශවී ක්‍රියා කරණ ඒ ආත්මික බලවතාව “දෙවියන්” ලෙසින් පිළිගැනීමටත්, දේවත්වයෙන් ඔසවා තැබීමටත්, උන්වහන්සේ ඉදිරියේ ගෞරවයෙන් වැඳ වැටී නමස්කාරය කිරීමටත් හේතුවෙයි. දේව වචනයේ පෙන්වාදී ඇති පරිදි එවැනි ක්‍රියාකාරකම් තුලින් මතුවූ දෙවියන්වහන්සේගේ විශේෂ ක්‍රියාකාරකම්ද මාංශිකව නොපෙණෙන නුමුත් ආත්මිකව මිනිසුන් මාධ්‍යයේ සැරිසැරූ ඒ දෙවියන්වහන්සේ ගැන යම් ආකාරයක අවබෝධයක් ලබාදෙයි.
පටන් ගැනීමක් හෝ අවසානයක් නොමැති දෙවියන්වහන්සේ ආත්මීක අයෙකු ලෙසින් පමණක් පෙනී සිටින බැවින් ඒ ආත්මීක දෙවියන්වහන්සේ ගැන සම්පුර්ණ ලෙසින් විස්තර කෙරෙන දීර්ඝ විස්තර කිරීම්ද අප සතු නොවන්නේ සියල්ලේ මැවුම්කාරයාණන්ද උන්වහන්සේම වන හේතුවයි. ආරම්භයේදී සියල්ල උන්වහන්සේ විසින් මවනා ලද බව උන්වහන්සේම අපට කියා සිටියි. එබැවින් ඒ ගැන අප සතු වන්නේත් උන්වහන්සේම විසින් උන්වහන්සේ ගැන අපට දෙන ලද එවැනි එළිදරව් කිරීම් පමණි. ඒවාට අමතරව විවිධ කාල වකවානු තුලදී මිනිසුන් මාධ්‍යයේ බලයෙන් යුක්තව ක්‍රියා කල ඒ ආත්මික දෙවියන්ගේ පුදුම ක්‍රියාකාරකම් අත්දුටු මිනිසුන් ඒ අත්දැකීම් ගැනත් ඒ දෙවියන් ගැනත් කර ඇති විස්තර කිරීම් අප සතුවෙයි.
"ස්වර්ගයෙන් බැස්සාවූ ස්වර්ගයෙහි සිටින්නාවූ මනුෂ්‍යය පුත්‍රයා මිස, වෙන කිසිවෙක් ස්වර්ගයට නොනැන්ගේය." යනුවෙන් යොහාන්ගේ ශුභාරංචි පොතේ ලියවී ඇති මේ ප්‍රකාශය තුළින් පවා පැහැදිළි වන්නේද, යේසුස් වහන්සේ හැර දේව රාජ්‍යය පිළිබඳව හෝ දෙවියන්වහන්සේ ගැන හෝ පුර්ණ අවබෝධයක් ඇති වෙනත් අයෙකු මෙළොව නොසිටි බවයි.
එබැවින් දෙවියන්වහන්සේ ගැන මෙන්ම දේව රාජ්‍යය ගැනත් අවබෝධය මෙන්ම අත්දැකීමද ලබාගන්නා පිණිස අප සතුවන්නේ දෙවියන්වහන්සේම විසින් ඒ ගැන අපට සපයාදී ඇති එළිදරව්ව සහ මිනිස් වර්ගයාගේ ආත්මික මිදීම වෙනුවෙන් දෙවියන්වහන්සේම විසින් එවන ලද මෙසායා නමැති ඒ ක්‍රිස්තුස් වහන්සේ විසින් ඒ ගැන කල ඉගැන්වීම පමණි. දෙවියන්වහන්සේ ගැන ළද එවැනි අත්දැකීම් ගැන ලියා තබන ලද වාර්තා සහ උන්වහන්සේ විසින් ඔවුනට දෙනලද එළිදරව් කිරීම් ගැන සඳහන් ලියැවිලි වල එකමුතුව වර්තමානයේ බයිබලය නමින් පරිහරණය වෙයි.
දෙවියන්වහන්සේගේ ක්‍රියා කාරකම් දෙස බැලීමේදී දෙවියන්වහන්සේට පමණක් ආවේණිකවූ විශේෂ ස්වභාවයන් ලෙසින් විස්තරවන ගුණාංග රැසක් දේව වචනයේ සඳහන් වී ඇති අතර ඒවා අතරින් මේ ආත්මික බලවතාගේ පුද්ගලිකත්වය සහ ස්වභාවය මැන ගැනීමට බෙහෙවින් උපකාරීවන ගුණාංග කීපයක් විශේෂයෙන් ඉස්මතුවී පෙනෙයි. අස්වාභාවික ස්වභාවයන් ලෙසින් ලියවී ඇති ඒ ගුණාංගයන් විශේෂයෙන් අපට අප මාධ්‍යයේ ක්‍රියා කරන මේ ආත්මික බලවතාගේ අස්වාභාවික ස්වභාවය මැනගැනීමට හැකි අවස්තාව උදාකරයි.
දෙවියන්වහන්සේට පමණක් ආවේණික වූ උන්වහන්සේගේ (1) සර්වබලය;
දෙවියන්වහන්සේට පමණක් ආවේණික වූ උන්වහන්සේගේ (2) සර්වඥාණය;
දෙවියන්වහන්සේට පමණක් ආවේණික වූ උන්වහන්සේගේ (3) සර්වවාසී භාවය;
දෙවියන්වහන්සේට පමණක් ආවේණික වූ උන්වහන්සේගේ (4) අමරණීය ස්වභාවය;
යන මේ ගුණාංගයන් ඒ අතර විශේෂ ස්ථානයක් හිමිකරගනියි.
පරණ ගිවිසුමේ ක්‍රියා කළ ඒ ආත්මික දෙවියන්වහන්සේ තුළින් පමණක් නොව නුමුත් දෙවියන්වහන්සේගේ පොරොන්දුව ලෙසින් මෙළොව පෙනීසිටිය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය තුළින් පවා මේ ස්වභාවයන් මැනවින් ප්‍රකාශ වූ අවස්තාවන් ගැන සඳහන් වන වාර්තා අලුත් ගිවිසුමේද පැහැදිළිව සටහන් වී තිබෙණු පෙනෙයි.
දේව වචනයේ ලියවී ඇති ඉහත සඳහන් උන්වහන්සේගේ මේ විශේෂ ගුණාංගයන් වෙන් වෙන් වශයෙන් ගෙන සාකච්චා කිරීම මේ පාඩමේ අරමුණ වන අතර ඒවා මේ මාතෘකාව යටතේ වෙන් වෙන් වශයෙන් වූ පාඩම් හතරකින් විස්තර වන බැවින්, ඒ සඳහා (1) සර්වබලධාරී දෙවියන්වහන්සේ; (2) සර්වඥාණිය දෙවියන්වහන්සේ ;(3) සර්වවාසී දෙවියන්වහන්සේ; (4) අමරණීය නොහොත් සදාකාලීක දෙවියන්වහන්සේ යන මාතෘකාවන් ලෙසින් ලියා දැක්වෙන පාඩම් තුළින් කියවා දැනගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
(දර්මදාස ශුභාරංචි සේවය වෙතින් උපුටා ගන්නා ලදි. /©2016- darmadasa.org)